Friday, January 1, 2010

දුර සිට කළ පෙම

දැනුනද හිමි නොවන බව ඔය රන් දෑත
සිටියෙමි එන තුරා දුර සිට ලඟ පාත
හැඳිනෙමි පායනා සඳ දොර ලඟ ඈත
ඉවසමි තනිව වෙලෙනා හැඟුමන් සීත

දුටුවෙමි ඈත සිට සඳ කිරණ වෑහෙන
ලංවිමි දකිනු රිසි දෙනුවන් විදාගෙන
උණු වී දියව යයි හදවත පලාගෙන
ලං වී තිබුණි නොදැනිම හිරු සොයාගෙන

නොබලන කලට මා දෙස පිරි සිනහ මුවින්
අඳුරුය දසත හිරු සයුරේ ගිලුනු ලෙසින්
නොදොඩන කලට මා සමගින් සුහද සිතින්
දෙසවණ අගුළු නෑරෙයි කන් පැලුනු ලෙසින්

හද කිති කැවූ හැගුමන් පොද යයි වියලී
හද මල මුකුලිතව වියැකී යයිද සැලී
වද මල මගේ මට මළ වද දෙයි නොසැලී
තදබල ලෙසට හිත කලබල වෙයිද යලී

සරසවි සොඳුරිය

සඳ මෙනි මුහුණ එනමුදු නැත ආවාට
ගැමි කම ඇගේ ඇතිමුත් නැත ගැමි පාට
කලිසම හැර දමා ගවුමට ගිය දාට
අවැසිවු සොඳුරු ගති පවතී හැම දාට