Thursday, December 31, 2009

සුභ අළුත් අව්රුද්දක් වේවා !

උදෑසන අරුණලු ද සමගින් පිපුන කුසුමන් හිනැහිලා
කියයි ගී පද මුමුනමින් සුභ අළුත් අව්රුද්දක් කියා
සිතැඟි හැම ඒ ලෙසින් ඉටු වී සතුට ඉතිරී යයි ගලා
පතමි මම ලොව සැවොම සමගින් ඔබට ජය පිට ජය කියා

විහඟ කැල හිමිදිරි උදෙන් දොරකඩ ඉ‍ඳන් පවසන කතා
මිහිරි වදනින් කියයි ඔබ හට මා එවූ සුපැතුම් ගොතා
සතුට සොම්නස සමග පැණිරස කවියකින් එවනෙමි ඔතා
පතන්නෙමි මුලු හදින් ඔබ හට සුභම නව වසරක් ඉතා

1 comment: