සුපෙම් හැඟුමන් වෙලුනු සිත් තුළ
සෙනෙහෙ මාළිග තනන වේලේ
අත්තිවාරම් දමා ගන්නට
තරම්වත් නොම යවයි කාලේ
සිනහ මුහුණින් උඩ බලාගෙන
දවල් සිහිනය දකින වේලේ
ගෙදර උදවිය බලන් හිටියා
මනෝ මන්දිර තනන තාලේ
අත්තිවාරම් නොමැති මාළිග
කඩාගෙන බිම වැටුනු වේලේ
කඳුළු දෙනෙතින් බලාගෙන බිම
වැටුනු සුන්බුන් සොයයි ආලේ