සුපෙම් හැඟුමන් වෙලුනු සිත් තුළ
සෙනෙහෙ මාළිග තනන වේලේ
අත්තිවාරම් දමා ගන්නට
තරම්වත් නොම යවයි කාලේ
සිනහ මුහුණින් උඩ බලාගෙන
දවල් සිහිනය දකින වේලේ
ගෙදර උදවිය බලන් හිටියා
මනෝ මන්දිර තනන තාලේ
අත්තිවාරම් නොමැති මාළිග
කඩාගෙන බිම වැටුනු වේලේ
කඳුළු දෙනෙතින් බලාගෙන බිම
වැටුනු සුන්බුන් සොයයි ආලේ
ප්‍රේමයේ සුන්දරම හැඟීම් දැනීම් වලින් වෙලිල වශීකෘත වෙලා ඉද්දි එහිම පැවැත්මට බලපාන තවත් දේවල් බොහොමයක් අපෙන් ගිලිහිලා යන අවස්ථා උදා වෙනව.කාලය විසින් ඒ හිස්තැන් පෙන්වද්දි හුඟක් වෙලාවට අපි ප්‍රමාද වැඩියි.
ReplyDeleteනිර්මාණය අගෙයි.
බොහොම ස්තූතීයි රවීන්
ReplyDelete