බස් නැවතුමේ කල් මරමින් සිටි වේලේ
ලඟ උන් දමිළ මගියෙකු තොල කට වේලේ
කියලා මල්ල මට දීලා ගිය වේලේ
සිහි විය බෝම්බය පිපිරුණ ඒ කාලේ
ගෙදරට නැවත යා ගන්නට බැරි වෙයිද
ගේ දොර ඉඩං අතහැර යන්නට වෙයිද
නෑදෑ හිතවතුන් දකිනට නැති වෙයිද
මා ලඟ තියන මල්ලත් අද පුපුරයිද
රත් වී දෙලොව නෙත ඒ වෙත යොමු වූයේ
ඉහ කණ දාඩියෙන් තෙත බරියං වූයේ
යන එන මං සතරඅත අමතක වූයේ
දැන් එයි දැන් එතියී සිතමිනි පසු වූයේ
කෑමක් දෑස මායිම නොපෙනෙන ලෙසට
සතියක් හාමතේ හිඳ අසරණ කලට
ප්‍රියතම අහර පෙනෙනාමෙන් දැනුණි මට
ඈතින් දමිළ මිතුරා එනු පෙනුණ විට
මොහොතක් කල්පනා කොට යලි බලන විට
අපුලක් දැනුනි මගෙ සිතුවිලි ගැනම මට
ඔහුගේ මල්ල දී මා ගැන සැක නොකොට
ගිය ඔහු තවත් මිනිසෙකි නොපෙනුනිද මට
ඇත්ත සිද්දියක් ද දන්නේ නැහ. එහෙම හිතන් කියෙව්ව. කාට උනත් උබට හිතුන දේ හිතෙනවා මචන්... ඒ අපි උපන් දා ඉදන් ජීවත් උන විදිය නිසා.
ReplyDelete( උබ කිව්වෙ මම කතා කරන විදිය මිසක් තරහකට නෙමෙයි හික් හික් )
ඔව් මචන් ඒක ඇත්ත
ReplyDelete