Wednesday, March 24, 2010

හුදෙකලාව

පාළුවෙන් තනිකමෙන් වැලපෙන
හදවතේ රාවය නිසා
දෙනෙත පියවා නිදා ගන්නට
අනේ තාමත් බැරි වුණා

මගේ උර මත තියාගෙන හිස
ඉඳින්නට ඔබ නැති නිසා
නීල ‍දෙනෙතින් ගයන පෙම් කවි
අසාගන්නට බැරි වුණා

මගේ තනිකම බෙදාගන්නට
කෙනෙකු මා ලඟ නැති නිසා
තනිව හඬනා හදවතේ දුක
කියාගන්නට බැරි වුණා