Monday, December 5, 2011

එදා වගෙමයි අදත්

තනිකඩ පැලේ පාලුව දුක ඉතිරෙන්නේ
මගෙ හද එදා මෙන් තවමත් පෑරෙන්නේ
සඳවත මගේ පැල වෙත යලි පායන්නේ
මොන පෝයටද හද සැමදා විමසන්නේ

කුල දෙක නොපෑහුනු කරුමය විඳවනවා
ඔබ මගෙ ලඟින් ඈතට ඇදගෙන යනවා
නිල්වන් කෙස් වැටිය දින දින සුදු වෙනවා
හදවත මගේ දුක ටික ටික වැඩි වෙනවා

ඉර හඳ එදා මෙන් අදටත් පායන්නේ
එනමුදු සියළු දේ නැත එලෙසම වෙන්නේ
බාධක දිරා බිම මත සමතල වෙන්නේ
ඔබෙ හද සොයා මගෙ හදවත දිව එන්නේ

ඔබ මා අතර තිබු බාධක දිය වෙනවා
මගෙ හද මඩල දොරකඩ මා ලතැවෙනවා
සුදු මල් මිටක් ගෙන මා ඔබ වෙත එනවා
සොහොනේ තනිව ඔබ තවමත් ඉවසනවා

No comments:

Post a Comment