ඔබ....
කෙතෙක් දෑ උගත්ත ද,
කෙතෙක් දෑ දිනූව ද,
කෙතෙක් උස මහත වූව ද,
එදා ඇකයේ උන්
ඒ නොදරුවාම ය
අදත් ඔබ...
ඔබේ අම්මාට.
Sunday, March 27, 2011
Saturday, December 11, 2010
සිතිවිලි සේයා දොරට වැඩුම(Sithiwili seya Book launch)
සිතිවිලි සේයා කාව්‍ය කෘතිය එළි දැක්වීම 2010/11/11 දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දී උපකුලපති තුමා ඇතුලු ආචාර්ය මහාචාර්යවරුන් හා සිසු සිසුවියන් රැසකගේ සහභාගීත්වයෙන් ඉතා සාර්ථක අන්දමින් පැවැත්විනි.
එහි දී උපකුලපති තුමා දැක්වූ අදහස්(Speech of the vice-chancellor):
පළමු ප්‍රධාන දේශනය (First main lecture) :-
භාශා හා සංස්තෘතික අධ්‍යනාංශයේ අංශ ප්‍රධාන
ආචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ
( Head of the department of languages and cultural studies,
Dr.Saman Chandra Ranasingha)
දෙවන ප්‍රධාන දේශනය (second main lecture) :-
භෞතික විද්‍යා අධ්‍යනාංශයේ
ආචාර්ය මධුරංග ප්‍රනාන්දු
( Dr. Maduranga Fernando,
Depatrment of Physics)
කතුවරයාගේ ස්තූති කතාව(Thanks giving by the Author):
එහි දී උපකුලපති තුමා දැක්වූ අදහස්(Speech of the vice-chancellor):
පළමු ප්‍රධාන දේශනය (First main lecture) :-
භාශා හා සංස්තෘතික අධ්‍යනාංශයේ අංශ ප්‍රධාන
ආචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ
( Head of the department of languages and cultural studies,
Dr.Saman Chandra Ranasingha)
දෙවන ප්‍රධාන දේශනය (second main lecture) :-
භෞතික විද්‍යා අධ්‍යනාංශයේ
ආචාර්ය මධුරංග ප්‍රනාන්දු
( Dr. Maduranga Fernando,
Depatrment of Physics)
කතුවරයාගේ ස්තූති කතාව(Thanks giving by the Author):
Sunday, November 28, 2010
ගැටළුව
ගැටළු නැති ජීවිතය
ලුණු නොමැති මාළුවකි
දිවග කිසි රසයක් නොදේ
දිවි ගමනෙ අරුතක් නොවේ
ගැටළුවෙන් ගැටළුවට
පිළිවදන් සොයාගෙන
යනෙන මග තුටු මල් පිපේ
දසත සුවඳින් නැහැවෙතේ
අප වටා ලෝකයම
එකම සරසවි බිමකි
නොදන්නා දෑ බෝ වෙතේ
දැනගන්න බෝ දෑ වෙතේ
ලුණු නොමැති මාළුවකි
දිවග කිසි රසයක් නොදේ
දිවි ගමනෙ අරුතක් නොවේ
ගැටළුවෙන් ගැටළුවට
පිළිවදන් සොයාගෙන
යනෙන මග තුටු මල් පිපේ
දසත සුවඳින් නැහැවෙතේ
අප වටා ලෝකයම
එකම සරසවි බිමකි
නොදන්නා දෑ බෝ වෙතේ
දැනගන්න බෝ දෑ වෙතේ
Sunday, September 5, 2010
පටලයන්ගෙන් මිදීම
ආදරය නම් පටල බැඳිලා
දුබල විය දෙනෙතම
සුද බැඳුනාක් සේ
නොපෙනී ගියා ලෝකය,
පෙනුනේ ඇස රැඳුනු
පටලයම පමණක්ය
පටලය තුළින් දකින ලෝකය
මනරම්ය,සොඳුරුය.
කාලය නම් වූ වෙදානෝ
විරහ දුක නම් බෙහෙත් පැලයෙන්
කොටා අඹරා ගත්තු යුෂයන්
ජීව ඤාණය නැමැති තෛලෙන්
හොඳින් මුසුකොට කළෙන් වෙදකම්
පසක් විය පුහු බව
පටලයන්ගෙන් මිදීමෙන්
දුබල විය දෙනෙතම
සුද බැඳුනාක් සේ
නොපෙනී ගියා ලෝකය,
පෙනුනේ ඇස රැඳුනු
පටලයම පමණක්ය
පටලය තුළින් දකින ලෝකය
මනරම්ය,සොඳුරුය.
කාලය නම් වූ වෙදානෝ
විරහ දුක නම් බෙහෙත් පැලයෙන්
කොටා අඹරා ගත්තු යුෂයන්
ජීව ඤාණය නැමැති තෛලෙන්
හොඳින් මුසුකොට කළෙන් වෙදකම්
පසක් විය පුහු බව
පටලයන්ගෙන් මිදීමෙන්
Friday, May 21, 2010
සැකය
බස් නැවතුමේ කල් මරමින් සිටි වේලේ
ලඟ උන් දමිළ මගියෙකු තොල කට වේලේ
කියලා මල්ල මට දීලා ගිය වේලේ
සිහි විය බෝම්බය පිපිරුණ ඒ කාලේ
ගෙදරට නැවත යා ගන්නට බැරි වෙයිද
ගේ දොර ඉඩං අතහැර යන්නට වෙයිද
නෑදෑ හිතවතුන් දකිනට නැති වෙයිද
මා ලඟ තියන මල්ලත් අද පුපුරයිද
රත් වී දෙලොව නෙත ඒ වෙත යොමු වූයේ
ඉහ කණ දාඩියෙන් තෙත බරියං වූයේ
යන එන මං සතරඅත අමතක වූයේ
දැන් එයි දැන් එතියී සිතමිනි පසු වූයේ
කෑමක් දෑස මායිම නොපෙනෙන ලෙසට
සතියක් හාමතේ හිඳ අසරණ කලට
ප්‍රියතම අහර පෙනෙනාමෙන් දැනුණි මට
ඈතින් දමිළ මිතුරා එනු පෙනුණ විට
මොහොතක් කල්පනා කොට යලි බලන විට
අපුලක් දැනුනි මගෙ සිතුවිලි ගැනම මට
ඔහුගේ මල්ල දී මා ගැන සැක නොකොට
ගිය ඔහු තවත් මිනිසෙකි නොපෙනුනිද මට
ලඟ උන් දමිළ මගියෙකු තොල කට වේලේ
කියලා මල්ල මට දීලා ගිය වේලේ
සිහි විය බෝම්බය පිපිරුණ ඒ කාලේ
ගෙදරට නැවත යා ගන්නට බැරි වෙයිද
ගේ දොර ඉඩං අතහැර යන්නට වෙයිද
නෑදෑ හිතවතුන් දකිනට නැති වෙයිද
මා ලඟ තියන මල්ලත් අද පුපුරයිද
රත් වී දෙලොව නෙත ඒ වෙත යොමු වූයේ
ඉහ කණ දාඩියෙන් තෙත බරියං වූයේ
යන එන මං සතරඅත අමතක වූයේ
දැන් එයි දැන් එතියී සිතමිනි පසු වූයේ
කෑමක් දෑස මායිම නොපෙනෙන ලෙසට
සතියක් හාමතේ හිඳ අසරණ කලට
ප්‍රියතම අහර පෙනෙනාමෙන් දැනුණි මට
ඈතින් දමිළ මිතුරා එනු පෙනුණ විට
මොහොතක් කල්පනා කොට යලි බලන විට
අපුලක් දැනුනි මගෙ සිතුවිලි ගැනම මට
ඔහුගේ මල්ල දී මා ගැන සැක නොකොට
ගිය ඔහු තවත් මිනිසෙකි නොපෙනුනිද මට
Monday, April 12, 2010
Wednesday, March 24, 2010
හුදෙකලාව
පාළුවෙන් තනිකමෙන් වැලපෙන
හදවතේ රාවය නිසා
දෙනෙත පියවා නිදා ගන්නට
අනේ තාමත් බැරි වුණා
මගේ උර මත තියාගෙන හිස
ඉඳින්නට ඔබ නැති නිසා
නීල දෙනෙතින් ගයන පෙම් කවි
අසාගන්නට බැරි වුණා
මගේ තනිකම බෙදාගන්නට
කෙනෙකු මා ලඟ නැති නිසා
තනිව හඬනා හදවතේ දුක
කියාගන්නට බැරි වුණා
හදවතේ රාවය නිසා
දෙනෙත පියවා නිදා ගන්නට
අනේ තාමත් බැරි වුණා
මගේ උර මත තියාගෙන හිස
ඉඳින්නට ඔබ නැති නිසා
නීල දෙනෙතින් ගයන පෙම් කවි
අසාගන්නට බැරි වුණා
මගේ තනිකම බෙදාගන්නට
කෙනෙකු මා ලඟ නැති නිසා
තනිව හඬනා හදවතේ දුක
කියාගන්නට බැරි වුණා
Subscribe to:
Posts (Atom)
