බස් නැවතුමේ කල් මරමින් සිටි වේලේ
ලඟ උන් දමිළ මගියෙකු තොල කට වේලේ
කියලා මල්ල මට දීලා ගිය වේලේ
සිහි විය බෝම්බය පිපිරුණ ඒ කාලේ
ගෙදරට නැවත යා ගන්නට බැරි වෙයිද
ගේ දොර ඉඩං අතහැර යන්නට වෙයිද
නෑදෑ හිතවතුන් දකිනට නැති වෙයිද
මා ලඟ තියන මල්ලත් අද පුපුරයිද
රත් වී දෙලොව නෙත ඒ වෙත යොමු වූයේ
ඉහ කණ දාඩියෙන් තෙත බරියං වූයේ
යන එන මං සතරඅත අමතක වූයේ
දැන් එයි දැන් එතියී සිතමිනි පසු වූයේ
කෑමක් දෑස මායිම නොපෙනෙන ලෙසට
සතියක් හාමතේ හිඳ අසරණ කලට
ප්‍රියතම අහර පෙනෙනාමෙන් දැනුණි මට
ඈතින් දමිළ මිතුරා එනු පෙනුණ විට
මොහොතක් කල්පනා කොට යලි බලන විට
අපුලක් දැනුනි මගෙ සිතුවිලි ගැනම මට
ඔහුගේ මල්ල දී මා ගැන සැක නොකොට
ගිය ඔහු තවත් මිනිසෙකි නොපෙනුනිද මට
Friday, May 21, 2010
Monday, April 12, 2010
Wednesday, March 24, 2010
හුදෙකලාව
පාළුවෙන් තනිකමෙන් වැලපෙන
හදවතේ රාවය නිසා
දෙනෙත පියවා නිදා ගන්නට
අනේ තාමත් බැරි වුණා
මගේ උර මත තියාගෙන හිස
ඉඳින්නට ඔබ නැති නිසා
නීල දෙනෙතින් ගයන පෙම් කවි
අසාගන්නට බැරි වුණා
මගේ තනිකම බෙදාගන්නට
කෙනෙකු මා ලඟ නැති නිසා
තනිව හඬනා හදවතේ දුක
කියාගන්නට බැරි වුණා
හදවතේ රාවය නිසා
දෙනෙත පියවා නිදා ගන්නට
අනේ තාමත් බැරි වුණා
මගේ උර මත තියාගෙන හිස
ඉඳින්නට ඔබ නැති නිසා
නීල දෙනෙතින් ගයන පෙම් කවි
අසාගන්නට බැරි වුණා
මගේ තනිකම බෙදාගන්නට
කෙනෙකු මා ලඟ නැති නිසා
තනිව හඬනා හදවතේ දුක
කියාගන්නට බැරි වුණා
Sunday, February 21, 2010
සිහින මාළිගා...
සුපෙම් හැඟුමන් වෙලුනු සිත් තුළ
සෙනෙහෙ මාළිග තනන වේලේ
අත්තිවාරම් දමා ගන්නට
තරම්වත් නොම යවයි කාලේ
සිනහ මුහුණින් උඩ බලාගෙන
දවල් සිහිනය දකින වේලේ
ගෙදර උදවිය බලන් හිටියා
මනෝ මන්දිර තනන තාලේ
අත්තිවාරම් නොමැති මාළිග
කඩාගෙන බිම වැටුනු වේලේ
කඳුළු දෙනෙතින් බලාගෙන බිම
වැටුනු සුන්බුන් සොයයි ආලේ
සෙනෙහෙ මාළිග තනන වේලේ
අත්තිවාරම් දමා ගන්නට
තරම්වත් නොම යවයි කාලේ
සිනහ මුහුණින් උඩ බලාගෙන
දවල් සිහිනය දකින වේලේ
ගෙදර උදවිය බලන් හිටියා
මනෝ මන්දිර තනන තාලේ
අත්තිවාරම් නොමැති මාළිග
කඩාගෙන බිම වැටුනු වේලේ
කඳුළු දෙනෙතින් බලාගෙන බිම
වැටුනු සුන්බුන් සොයයි ආලේ
Friday, January 1, 2010
දුර සිට කළ පෙම
දැනුනද හිමි නොවන බව ඔය රන් දෑත
සිටියෙමි එන තුරා දුර සිට ලඟ පාත
හැඳිනෙමි පායනා සඳ දොර ලඟ ඈත
ඉවසමි තනිව වෙලෙනා හැඟුමන් සීත
දුටුවෙමි ඈත සිට සඳ කිරණ වෑහෙන
ලංවිමි දකිනු රිසි දෙනුවන් විදාගෙන
උණු වී දියව යයි හදවත පලාගෙන
ලං වී තිබුණි නොදැනිම හිරු සොයාගෙන
නොබලන කලට මා දෙස පිරි සිනහ මුවින්
අඳුරුය දසත හිරු සයුරේ ගිලුනු ලෙසින්
නොදොඩන කලට මා සමගින් සුහද සිතින්
දෙසවණ අගුළු නෑරෙයි කන් පැලුනු ලෙසින්
හද කිති කැවූ හැගුමන් පොද යයි වියලී
හද මල මුකුලිතව වියැකී යයිද සැලී
වද මල මගේ මට මළ වද දෙයි නොසැලී
තදබල ලෙසට හිත කලබල වෙයිද යලී
සිටියෙමි එන තුරා දුර සිට ලඟ පාත
හැඳිනෙමි පායනා සඳ දොර ලඟ ඈත
ඉවසමි තනිව වෙලෙනා හැඟුමන් සීත
දුටුවෙමි ඈත සිට සඳ කිරණ වෑහෙන
ලංවිමි දකිනු රිසි දෙනුවන් විදාගෙන
උණු වී දියව යයි හදවත පලාගෙන
ලං වී තිබුණි නොදැනිම හිරු සොයාගෙන
නොබලන කලට මා දෙස පිරි සිනහ මුවින්
අඳුරුය දසත හිරු සයුරේ ගිලුනු ලෙසින්
නොදොඩන කලට මා සමගින් සුහද සිතින්
දෙසවණ අගුළු නෑරෙයි කන් පැලුනු ලෙසින්
හද කිති කැවූ හැගුමන් පොද යයි වියලී
හද මල මුකුලිතව වියැකී යයිද සැලී
වද මල මගේ මට මළ වද දෙයි නොසැලී
තදබල ලෙසට හිත කලබල වෙයිද යලී
සරසවි සොඳුරිය
සඳ මෙනි මුහුණ එනමුදු නැත ආවාට
ගැමි කම ඇගේ ඇතිමුත් නැත ගැමි පාට
කලිසම හැර දමා ගවුමට ගිය දාට
අවැසිවු සොඳුරු ගති පවතී හැම දාට
ගැමි කම ඇගේ ඇතිමුත් නැත ගැමි පාට
කලිසම හැර දමා ගවුමට ගිය දාට
අවැසිවු සොඳුරු ගති පවතී හැම දාට
Thursday, December 31, 2009
සුභ අළුත් අව්රුද්දක් වේවා !
උදෑසන අරුණලු ද සමගින් පිපුන කුසුමන් හිනැහිලා
කියයි ගී පද මුමුනමින් සුභ අළුත් අව්රුද්දක් කියා
සිතැඟි හැම ඒ ලෙසින් ඉටු වී සතුට ඉතිරී යයි ගලා
පතමි මම ලොව සැවොම සමගින් ඔබට ජය පිට ජය කියා
විහඟ කැල හිමිදිරි උදෙන් දොරකඩ ඉඳන් පවසන කතා
මිහිරි වදනින් කියයි ඔබ හට මා එවූ සුපැතුම් ගොතා
සතුට සොම්නස සමග පැණිරස කවියකින් එවනෙමි ඔතා
පතන්නෙමි මුලු හදින් ඔබ හට සුභම නව වසරක් ඉතා
කියයි ගී පද මුමුනමින් සුභ අළුත් අව්රුද්දක් කියා
සිතැඟි හැම ඒ ලෙසින් ඉටු වී සතුට ඉතිරී යයි ගලා
පතමි මම ලොව සැවොම සමගින් ඔබට ජය පිට ජය කියා
විහඟ කැල හිමිදිරි උදෙන් දොරකඩ ඉඳන් පවසන කතා
මිහිරි වදනින් කියයි ඔබ හට මා එවූ සුපැතුම් ගොතා
සතුට සොම්නස සමග පැණිරස කවියකින් එවනෙමි ඔතා
පතන්නෙමි මුලු හදින් ඔබ හට සුභම නව වසරක් ඉතා
Subscribe to:
Posts (Atom)
